Friday, July 31, 2009

පලමු සටහන

දිනය: ජූලි 31,වසර 2009, සිකුරාදා දිනයක්

සිත් දින පොතෙන් බ්ලොග් දින පොතට- සටහන් අංක 1

පලමු සටහන............................

මේ මගේ සිත් දිනපොතෙන් බ්ලොග් දිනෙපාතට තබන මුල්ම සටහනයි

මේකත් හරි පුදුම අත්දැකීමක්‍
ඒක හරි‍යට තමන්ගෙ දින පොතේ පිටපත් මුද්‍රණය කරල හැමෝටම කියවන්න දෙනවා වගේ වැඩක්
සමහර විට කවුරුවත් කියවන එකක් නැහැ
සමහරු කියවලා විසි කරයි
සමහරු කියවලා ඒ ගැන හිතයි
තව මොනවා ලියයිද කියල බලයි,තමන්ට හිතුන හැටි ලියල එවයි

තව විදියකට කිව්වොත්, තමන්ට ලස්සනයි කියල හිතෙන ඇඳුමක් ඇඳගෙන අනික් අය බලයි කියල හිතාගෙන නගරයක ඇවිදිනවා වගේ වැඩක් ඒක
ඕක මිනිස්සු නොදකින්නත් පුලුවන්
සමහර විට දැකල අහක බලා ගනියි
මේක හරි ලස්සන ඇඳුමක්, එහෙමත් නැතිනම් මේක මහ කැත ඇඳුමක් කියල හිතන හරි, හිතපු දේ කියන හරි මිනිස්සු ඔය ඇඳුම දැකපු අය අතරේ ඉන්නත් පුලුවන්
සමහරු අපි අඳින්නෙත් ඔහොමයි, නැත්නම් අපිත් එහෙම ඇඳලා බලන්න ඕනේ කියල කියයි

එකම සිද්ධියක්,එකම අත්‍දැකීමක් ගැන විවිධ මිනිසුන් දරන්නේ විවිධාකාර මතයන්‍ ය

ඇතැම් මත සමානය,ඇතැම් ඒවා අසමානය

සමාන මත ඇත්තෝ එක්වන අතර, මතය අසමාන වූ විට ඔවුන් වෙන් වෙති

බහුතරය දරන මතයට විරුද්ධ වන්නෝ සුලුතරය වන අතර ඇතැම් විට ඔවුන් බහුතරයෙන් කොන් වෙති.
එබැවින් තම මතය සුලුතරය සමඟ වුවත් ඇතැමුන් බහුතරය සමඟ සිටින්නේ කොන් වීමට ඇති බිය නිසාය

එනමුත් මේ විෂමත්වය හරිම සුන්දරය

මේ සුන්දරත්වය අත්නොවිඳිනා මිනිසුන් නිසා ගැටුම් ඇතිවේ
නමුත් එයද යථාර්තයක් බැවින් එයද සුන්දරය

ඒ මට හිතෙන හැටිය.

1 comment:

  1. ඔබ කියා ඇති දේ සත්‍යයකි.
    තවත් දේ ගැන ඔබ හිතන හැටි දැනගන්නට අපි බලා සිටිමු.
    ඔබට ජය.

    ReplyDelete